පසුගිය දිනක පොලිස්පතිවරයා තමන් විසින් ම මෙම භාවනා වැඩසටහන අධීක්ෂණය කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ සංචාරයක නිරත වී ඇත. ඒ මොහොතේ පොලිස් මූලස්ථානයේ lift යන්ත්‍රයේ සේවයේ නියුතු සුළු සේවකයා තම එදිනෙදා රාජකාරිය කරමින් මූලස්ථානයට යන එන පිරිස ඉහළ පහළ ගෙන යමින් සිටිනු දුටු පොලිස්පතිවරයාට භාවනාව කෙසේ වෙතත් 'මාරයා ආවේශ වී' ඇති බව ආරංචිය. පොලිස්පතිවරයා ප්‍රසිද්ධියේ ම එකී සේවකයාට එතැනදීම පහර දී ඇත. එසේ පහරදෙමින් සිටියදී මෙය දුටු පොලිස් මූලස්ථානයේ පිළිගැනීමේ නිලධාරිනියක් විසින් මෙම පහරදීම තම ජංගම දුරකථනයෙන් වීඩියෝ පටිගත කර ඇත. එය දුටු පොලිස්පතිවරයා "තෝ මොකද කරන්නෙ පට්ට **, හිටපිය තොටත් මං කෙළවන්නම්" කියා තිබේ.
ඒ මොහොතේ එතැනට පැමිණි ඉහළ පොලිස් නිලධාරියෙක් පොලිස්පති පූජිතට පවසා ඇත්තේ "සර්, සර්. ඔහොම කියන්න එපා. සර්ව චාජ් කරන්න පුළුවන් සෙක්ශන් 345 ( ලිංගික අඩන්තේට්ටම් කිරීම ) යටතේ " යනුවෙනි. එසැණින් පොලිස්පති විමසා ඇත්තේ "ඒ කොහොමද?" යනුවෙනි. "ඇයි සර්, කෙළවනවා කියන්නේ 'අරකනෙ' ?" ලෙසින් පිළිතුරු ලැබෙද්දී පූජිත් ගත් කටට ම ඉල්ලා ඇත්තේ "අනෙ බං, මාව ශේප් කරපං ඈ" කියාය. කෙසේ වෙතත්, ඒ මොහොතේ අදාල ඉහළ පොලිස් නිලධාරියා විසින් පොලිස්පතිවරයාව එතැනින් පිටතට ගෙන ගොස් තිබේ.
භාවනා මේනියාවෙන් උපන් උපරිම කැක්කුමින් යුතුව ධර්මය වෙනුවෙන් ම පොලිපති පූජිත මේ සියල්ල කරද්දී මෙය පටිගත කරනු ඔහු දුටුවේ අප පෙරකී නිලධාරිනිය පමණක් වුව ද ඒ මොහොතේ එතැන සිටි සියළුම පොලිස් පොඩ්ඩන් පාහේ පොලිස්පතිවරයාගේ විකාර නැටුම වීඩියෝ ගත කර තිබේ. ඒ අනුව නුදුරේදී ම ඒවා හෙළිදරව් කිරීමට නියමිතය.
එසේම එදින හවස පැවති රැස්වීමක දී එක්තරා වෙබ් අඩවියක් පිළිබඳව සඳහන් කරමින් පොලිස්පතිවරයා පවසා ඇත්තේ "ඕකා මට කියන්නෙ පූජිත නෙවෙයි කූජිත. ඕකට හෙණ ගහනවා ඔව්වට. ඊටත් වඩා ඕකාට හෙණ හතක් ගහනවා නම් හෙණ දාහතරක් ගහනවා ඕකාට මේවා දෙන එවුන්ට" කියාය. පොලිස්පතිවරයාගේ ධර්මයෙහි හැසිරීම මෙසේ වෙද්දී මේවා පිළිබඳව පොලිසිය භාර සාගල රත්නායක අමාත්‍යවරයා සමඟ කතාබහ කළ ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට අමාත්‍යවරයා පවසා ඇත්තේ "අනේ මංදා ... මේ යකා එක්ක මොනවා කරන්නද කියලා" යනුවෙනි.