1150 x 80 px
කාසල්රී ජලාශයට ජලය දෙන කෙසෙල්ගමු ඔයට දැවි තෙල් සහ කසල තේ මුදා හැරලා

කාසල්රි ජලාශයට ප‍්‍රධාන වශයෙන් ජලය සපයන කෙසෙල්ගමුඔයට අද (22) අලූයම තේ කර්මාන්ත ශාලාවක ඉවතලන දැවි තෙල් සහ කසල තේ දියකර මුදා හැරීම සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

කෙසෙල්ගමු ඔයේ ජලය කලු පැහැයෙන් ගලා බැසීම නිසා එම ඔයේ ජලය පරිහරණය කරන අය දැඩි අසීරුතාවයට පත්වී ඇති අතර කෙසෙල්ගමුඔයේ ජීවත් වන මත්ස්‍යන්ටද මෙයින් දැඩි හානියක් සිදුව ඇත.

මීට ප‍්‍රථම අවස්ථා ගණනාවකදීම මෙවැනි ආකාරයට කෙසෙල්ගමුඔයට දැවි තෙල් සහ කසල තේ මුදාහැරීම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය මගින් බගවන්තලාව ප‍්‍රදේශයේ වතු අධිකාරීවරුන් ගණනාවකට අවවාද කර තිබේ.

හැටන් රංජිත් රාජපක්‍ෂ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top