නමුත් මේ වන විට රට තුළ පවතින අධික ඉල්ලුම සපුරාලීම සඳහා ග්ලයිෆොසේට් පවුඩර් වශයෙන් පිටකොටුවේ කූට ව්‍යාපාරිකයන් විසින් ආනයනය කර වෙනත් රසායනික ද්‍රව්‍ය සමඟ මිශ්‍ර කර වෙළෙඳ නාමයන් රහිතව අළෙවි කිරීම ආරම්භ කර ඇත. මෙම එක් කන්ටේනරයකින් ලක්ෂ 15 කට අධික ලාභයක් අදාළ වෙළදුන් ලබා ගන්නා අතර තමන් හොදින් දන්නා කෘෂි රසායනික වෙළඳුන්හට මෙම ග්ලයිෆොසේට් අළෙවි කරයි.සාමාන්‍ය යෙන් ග්ලයිෆොසේට් අඩංගු විය යුතු රසායනික ප්‍රමාණය 40% ක් වුවත් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට පවුඩර් වශයෙන් ආනයනය කරන ලද ද්‍රව්‍යයෙහි 80% ක විස ප්‍රමාණයක් අඩංගු වී ඇත.
ලැබී ඇති තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වැවිලි සමාගම් පවා මෙම ව්‍යාජ ග්ලයිෆොසේට් මිළදී ගෙන තම වතු සදහා ප්‍රයෝජනයට ගන්නා බව වාර්තා වේ. වතුකරයේ පවතින අධික ශ්‍රම හිගය නිසාත් ග්ලයිෆොසේට් පරිහරණය කිරීම තහනම් කිරීම නිසාත් වතුවල ඵලදාව ඉතා පහත වැටී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ද ප්‍රකාශ කර සිටියේය.
- සත්හඬ