මෙම වෙඩි හුවමාරුවේදී නිල්පනාගොඩ, මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි නාවලගේ කුෂාන් තක්ෂිල නම් පුද්ගලයකු මියගිය අතර සැකකරුවන් 07 දෙනෙක්, ඔවුන් පැමිණි වෑන් රථය, පිස්තෝල 02ක්, අත් බෝම්බයක් හා ප්ලාස්ටික් පිස්තෝලයක් අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂකාර්ය බලකායට ලැබුණු ඔත්තුවක් මත සැකකරුවන් පැමිණි වෑන් රිය ලුහුබැඳ යාමේදී මෙම වෙඩි හුවමාරුව සිදුව තිබිණි. පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන්ට වෙඩි තැබූ සැකකරුවන්ගෙන් කිහිප දෙනෙකු පළා ගොස් ඇති අතර ඔවුන් සොයා විමර්ශන සිදුකෙරේ.
අත් අඩංගුවට ගත් පුද්ගලයින් අතර රන්දීර් රොද්රිගෝ නම් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්රීවරයකු ද වේ. ඔහුගේ නිවස සෝදිසි කිරීමේදී උණ්ඩ තොගයක් ද හමුවී ඇතැයි ද වාර්තා වේ.
- රංජිත් නිශාන්ත