1150 x 80 px
ඇමරිකාව ඉල්ලන රුසියානු ජාතිකයා පෞද්ගලික රෝහලකදී අත් අඩංගුවට !

"ඇමරිකාව සහ රුසියාව අතර රාත්‍යතාන්ත්‍රික අර්බුදයකට ශ්‍රී ලංකාව මැදිවෙයි" යන මැයෙන් අප ඊයේ පළ කළ පුවතේ සඳහන් රුසියානු ජාතිකයා වන මැනෝකින් ෆැර්ඩෝව් අද (04) කොළඹ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇත. 

 

මෙම මැනෝකින්ට එරෙහිව මහාධිකරණ නඩු දෙකක් පැවරී තිබී ඇති අතර ඔහුව අත් අඩංගුවට ගැනීමෙන් වැළැක්වීමේ නියෝග නිකුත් කර ඇත්තේ ඉන් එකක් සඳහා පමණි. ඇමරිකාව විසින් රතු වරෙන්තුවක් ලබාගෙන ඇති නඩුව සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගැනීමට බාධාවක් නොමැති හෙයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ. 

ඔහුව අත් අඩංගුවට ගැනීමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මහේස්ත්‍රාත්වරයාව ඩර්ඩන්ස් රෝහලට ගෙන්වා ඇති අතර මහේස්ත්‍රාත්වරයා විසින් මැනෝකින්ගේ ආරක්ෂාව බන්ධනාගාර නිලධාරීන්ට පවරමින් ඔහුව ලබන 06 වනදා රිමාන්ඩ් භාරයට පත් කර ඇත. 

මෙම මැනෝකින්ව තම රටට භාර දෙන ලෙස ඉල්ලා ඇමරිකාව විසින් දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී. එහෙත් රුසියාව ඉල්ලා සිටින්නේ ඔහුව තම රටට භාර දෙන ලෙසය. 

මොහුව රටින් පිටුවහල් කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. ජනාධිපතිවරයාගේ තීරණය ක්‍රියාවට නැඟිය යුත්තේ ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න විසිනි. සියල්ලන් ම බලාසිටින්නේ ජනාධිපතිවරයාගේ තීරණය දෙසය. 

මෙය විශාල ක්‍රියාදාමයක එක් සිදුවීමක් පමණි. ඇමරිකාව මුලින් සඳහන් කළ ජාත්‍යන්තර කලු සල්ලි ජාවාරමට වඩා විශාල සැඟවුණු රහසක් මේ තුළ පවතින බව මේ වන විට හෙළිදරව් වෙමින් පවතී .

සබැදි පුවත් - 

ඇමරිකාව සහ රුසියාව අතර රාත්‍යතාන්ත්‍රික අර්බුදයකට ශ්‍රී ලංකාව මැදිවෙයි

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top