1150 x 80 px
එක්නැළිගොඩ නඩුව ඉවතට ?

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධව නඩුව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්ව ඇති බවට තොරතුරු වාර්තාවේ.

 

මෙයට හේතුවී ඇත්තේ නඩුවට අවශ්ය තොරතුරු යුද හමුදාවෙන් නීතිපති දෙපාර්තමේන්තුවට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා නොදීමය.

මේසම්බන්ධ තොරතුරු අධිකරණය හමුවේ පැවසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බව වාර්තාවේ.

කෙසේ වෙතත් ආරක්ෂාවට තර්ජනයක් වන හෙළි කළ නොහැකි සංවේදී තොරතුරු ලබා නොදෙන බව යුද හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

- සත්හඬ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top