1150 x 80 px
රවී බැඳුම්කර මගඩිය හෙළිකරයි ?

බැඳුම්කර සිද්ධියට අදාළව හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා තමන්ට එල්ලවී ඇති චෝදනාව සම්බන්ධයෙන් සියලූ කරුණු හෙළිකිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තාවේ.

 

එහි මූලික පියවර ලෙස සමාජ ජාල මාධ්‍යකට පවසා ඇත්තේ තමන් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළමුත් මහබැංකුව හෝ රාජ්‍ය බැංකු සිය අමාත්‍යාංශය යටතේ පාලනය නොවූ බවයි. එවැනි තත්ත්වයක් මත එම ආයතනවල තීන්දු තීරණවලට තමන් වගකිව යුතු නොමැති බව ඔහු සඳහන් කරඇත.

”මම වරදක් කර නැහැ. ඒනිසා ජනතාව ඇත්ත තේරුම් ගනීවි. එදාට ජනතාව නැවත මා සමඟ එකතු වේවි. කවදාවත් ඇත්ත වසන් කරන්න බෑ”යැයි හිටපු මුදල් ඇමැතිවරයා සඳහන්කරතිබේ. මෙම තත්ත්වය හමුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හැමෝම තමන්ට ඇඟිල්ල දිගුකළත් ඉදිරියේදී සත්‍යය කුමක්දැයි ජනතාව අවබෝධ කරගන්නා බව කරුණානායක මහතා වැඩිදුරටත් පවසා ඇත.

- සත්හඬ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top