1150 x 80 px
මාත් එක්ක හිටපු හොරු ඔක්කොම දැන් ආණ්ඩුවේ - මහින්ද

හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා, තමන් ජනාධිපතිවරයාව සිටියදී හොරකම් නොකළ බවට විවිධ තර්ක ඉදිරිපත් කළද එම තර්ක බිඳ දමන ප්‍රකාශ ඔහුගේ කටින්ම විටින් විට නිකුත් වේ. සාමාන්‍යයෙන් මේවාට ගැමි භාෂාවෙන් කියන්නේ 'කට බොරු කීවත් දිව බොරු කියන්නෙ නෑ' යනුවෙනි.

කලෙකට ඉහත හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ හොරා යනු 'හොඳම රාජ්‍ය සේවකයා' බවයි. එම ප්‍රකාශය ඔහු ඉදිරිපත් කළේ තමන් හොරෙකු බව ප්‍රකාශ කිරීම පිළිබඳව ආඩම්බරයෙනි. මීට අමතරව නාමල් රාජපක්ෂ මහතාද, රාජපක්ෂ පවුලටත් වඩා හොරුන් තවත් සිටින බව රැස්වීමකදී ප්‍රකාශ කළේය.

මෙවැනිම ප්‍රකාශයක් ඊයේ (11) හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. ඔහු පවසා ඇත්තේ පැවති ආණ්ඩුවේ කටයුතු කළ, තමන් ලඟ සිටි හොරුන් එකා දෙන්නා දැන් ආණ්ඩුවට හේත්තු වන බවයි. ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රීලනිප ආණ්ඩුවේ පාර්ශ්වයට එකතුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

මේ අනුව පැවති ආණ්ඩුවේ ඇමතිවරුන් හොරකම් කර ඇති බව හිටපු ජනාධිපතිවරයාම පිළිගෙන ඇති අතර රාපක්ෂ පවුල සිදුකළ හොරකම් පැත්තකින් තබා සිතා බැලුවද ඔහු කර ඇත්තේ හොරුන් රැළක් ආරක්ෂා කිරීමයි. ඒ හරහා ඔහුට තමන්ගේ ආණ්ඩුව තුළ සිදු වූ හොරකම්වල වගකීමෙන් ගැලවිය නොහැකිය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top