එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි දක්ෂ තරුණ මන්ත්‍රීවරුන් රැසක් සිටින බැවින් මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු නොකරන ඇමතිවරුන් ඉවත් කර ඒ වෙනුවට තරුණ මන්ත්‍රීවරුන් පත්කිරීමට තීරණය කර තිබේ. එහිදී පරාජයට පත්වන්නේ නම් ඔවුන්ගේ තරාතිරම පිළිබඳ නොසලකා, ජ්‍යෙෂ්ටත්වය නොසලකා ඇමතිධූරයෙන් ඉවත් කරන බව අගමැතිවරයා අවධාරණය කර ඇත.
මෙම මැතිවරණය එක්සත් ජාතික පක්ෂය හා යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් ලිට්මස් පරික්ෂාවක් වන බැවින්, සියලු දෙනා ජයග්‍රහණය සඳහා සියලු ශක්තිය යෙදවිය යුතු බවට එජාප නායකත්වය සියලු ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරි මැතිවරණයෙන් පසු ආණ්ඩුවේ, විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට අදාල ඇමතිධූර අතර වෙනස්කම් සිදුකිරීම සඳහා කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නියමිත අතර එහිදී නැවතත් ජ්‍යෙෂ්ට අමාත්‍ය සංකල්පය ක්‍රියාවට නැංවීම කෙරෙහි අගමැතිවරයාගේ අවධානය යොමුව තිබෙන අතර මැතිවරණයේදී පරාජය ලබන ඇමතිවරුන් බොහෝවිට ජ්‍යෙෂ්ට අමාත්‍ය තනතුරු සඳහා පත් කරනු ඇත. ඒ අනුව මේ වනවිට ඇමතිධූර අහිමි එජාප මන්ත්‍රීවරුන්ට කැබිනට් මණ්ඩලයට ඇතුළුවීම සඳහා අවස්ථාව හිමි වේ.