ඒ අනුව උතුරු පළාතේ සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ජනවාරි 12 වෙනිදා සිදුවන අතර අනිකුත් දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද පත්‍රිකා ජනවාරි 13 වෙනිදා නිකුත් කෙරේ. නමුත් ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල 2018 ජනවාරි 12 දිනට නියම කර තිබූ තැපැල් ඡන්ද නිකුත් කිරීම ඒ අයුරින්ම සිදුවේ.
තැපැල් ඡන්ද පත්‍රිකා සමඟ ඡන්ද දායකයන් වෙත යැවීමට නියමිත අපේක්ෂක නාමලේකනය හෙවත් ගෘහ දැන්වීම රජයේ මුද්‍රණාලයෙන් ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් මෙසේ කල් දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ.