1150 x 80 px
පක්ෂ නායකයාගේ රුව ප්‍රචාරක කටයුතුවලට යොදා නොගන්නා පක්ෂයක් පිළිබඳ රාජිත හෙළි කරයි
ඕනෑම දේශපාලන පක්ෂයක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සිය පක්ෂයේ නායකයාගේ රුව භාවිතා කරන බවත් එහෙත් නායකාගේ රුව ප්‍රචාරක කටයුතු සඳහා යොදා නොගන්නා පක්ෂයක් මේ රටේ තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයා වන ජී.එල්. පීරිස් මහතාගේ ඡායාරූප තබා ඔහුගේ නමවත් එම පක්ෂයේ අපේක්ෂකයන් විසින් සිය ප්‍රචාරක කටයුතු සඳහා භාවිතා නොකරන බවයි ඇමතිවරයා පවසන්නේ.
එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා අනුව පිහිටුවන පක්ෂවලට අනාගතයක් නොමැති බවයි සේනාරත්න මහතා ඊයේ (10) බේරුවල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ප්‍රකාශ කළේ. පොහොට්ටුව කිසි දිනෙක නොපිපෙන බවත් ඒ නිසා එවැනි පක්ෂයක් පසුපස නොයන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
 
ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාර්ග 10 ක් කාපට් කර සංවර්ධනය කිරීමේ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මේ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 85 ක් පමණ වේ.
 
rajitha 69

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top