1150 x 80 px
පොල්ගහවෙල ගුවන් පාලම 17 වනදා විවෘත කෙරේ.

පොල්ගහවෙල ගුවන් පාලම ජනවාරි 17 වනදා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතින් විවෘත කිරීමට නියමිතය.

 

රුපියල් බිලියන 2.203ක මුදලක් වැයකොට ඉදිකර ඇති මෙම ගුවන් පාලම මීටර් 353ක දිගින් යුක්තය.

දුම්රිය ගමනාගමනය හේතුවෙන් දිනකට පැය 4කට වැඩි කාලයක් පොල්ගහවෙල මාර්ගය වසා තැබීමට සිදුවීම නිසා ඇතිවන අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙම ගුවන් පාලම ඉදිකිරීමට කටයුතු කර ඇති අතර මෙය ඉදිකෙරෙන්නේ ස්පාඤ්ඤ ආධාර යටතේය.

- රංජිත් නිශාන්ත

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top