1150 x 80 px
ශ්‍රී ලංකන් / මිහින් ලංකා කොමිසම ලබන සතියේ

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවාවල සිදු වූ වංචා සහ දූෂණ පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන සතිය වන විට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

 

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) දඹුල්ල ප්‍රදේශයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රචාරක රැළියක් අමතමිනි.

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවාවල සිදු වූ වංචා සහ දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් ජනවාරි මුල් සතියේදී පත් කරන බව ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top