1150 x 80 px
ඡන්ද අපේක්ෂකයින් 18ක් ඇතුළු 167ක් අත් අඩංගුවට

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් ඡන්ද අපේක්ෂකයින් 18 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 167 දෙනෙකු මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

 

මේ වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 55ක් වාර්තා වී ඇති බවත් ඊට අදාළව අපේක්ෂකයින් 10 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 119 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.

තවද, මැතිවරණ පැමිණිලි 119කට අදාළව අපේක්ෂකයින් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 48 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

ඊයේ (13) දිනය තුළ පමණක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ මැතිවරණ පැමිණිලි 13කට අදාළව පුද්ගලයින් 09 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top