1150 x 80 px
බ්‍රිතාන්‍ය අගමැතිනියගේ තෛපොංගල් සුබපැතුම - ‘‘වනකුම්!..., විවිධත්වයෙන් යුක්ත සාර්ථක රටක් තනන්නට ඔබ අපට උදව් වුණා..!“

අදට යෙදී තිබෙන තෛපොංගල් දිනය වෙනුවෙන් ලොව පුරා දමිල ජනතාවට සුබ පැතුම් ගෙන එන බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, බ්‍රිතාන්‍යය අද පවතින, ඔවුන් ආඩම්බර වන රට බවට පත්කිරීම සඳහා දමිල ප්‍රජාවගෙන් ලැබුණු දායකත්වය කෘතඥපූර්වක ව සිහිපත් කළාය. ඇය මෙම තෛපොංගල් සුබපැතුම, එම දායකත්වය අවලෝකනය කිරීම සඳහා අවස්ථාව බවට ද පත්කර ගෙන තිබිණි.

එහිදී ඇය තවදුරටත් පවසන්නේ මෙසේ ය. ‘‘මෙය බ්‍රිතාන්‍යය වෙත දමිල ජනතාවගෙන් ලැබුණු දායකත්වය අවලෝකනය කිරීම සඳහා කදිම අවස්ථාවක්. ඔබේ ප්‍රජාව රට පුරා අනන්ත ජීවිත සංඛ්‍යාවක් තුළ සැබෑ වෙනසක් ඇති කිරීමට සමත් වුණා. මට මේ රට හැමකෙනෙකුගේම බලාපොරොත්තු ඉෂ්ට කරන රටක් බවට පත්කිරීමට අවශ්‍යයි, තමන් අයත් වන පසුබිම කුමක් වුවත් හැම කෙනෙකුටම තමන්ගේ කොටස ඉටු කර තමන්ගේ ප්‍රාර්ථනා ඉටු කර ගත හැකි රටක් බවට පත්කිරීමට අවශ්‍යයි. අපේ දමිල ප්‍රජාව, බ්‍රිතාන්‍යය අද අපි ඉතාම ආඩම්බර වන විවිධත්වයෙන් යුක්ත, සාර්ථක රට බවට පත්කිරීමට උදව් වුණු අය පිළිබඳ අනර්ඝ උදාහරණයක්.“

- අමාලි ජයවීර

බ්‍රිතාන්‍ය අගමැතිනියගේ සම්පූර්ණ තෛපොංගල් සුබපැතුම මෙතැනින් නරඹන්න.

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top