1150 x 80 px
ජයග්‍රහණය අබියස ‘නෙළුම් පොහොට්ටුව‘ මූලස්ථානය කාර්යබහුලයි (Exclusive video) - Update 5

පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ආරම්භ වීමට පෙර  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් ‘නෙළුම් පොහොට්ටුව‘ මූලස්ථානය කාර්ය බහුල ව පැවති ආකාරයයි, මේ.

මැතිවරණ මෙහෙයුම සම්පූර්ණයෙන්ම භාරව කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා සිය කාර්යාලයේ කාර්ය බහුල ව සිටින ආකාරය ද මෙහි දැක්වේ.

තහවුරු නොකළ වාර්තාවලට අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් 65%කට අධික බලයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වී තිබේ. එසේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති තනතුර භාරගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතා වෙත කරන ලද ඉල්ලීමක් ද බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කළ බවට ද තහවුරු නොකළ ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියි. 

බැසිල් රාජපක්ෂ මහතාගේ අදහස වී තිබෙන්නේ මෙම පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය සමගින් වහාම මහමැතිවරණයක් වෙත යා යුතු බවයි.

 

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top