1150 x 80 px
ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රීලනිප කණ්ඩායමක් තීරණය කරයි !
ආණ්ඩුව පාර්ශවයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබේ. මීට සුළු මොහොතකට පෙර ආණ්ඩුවේ ඇමතිකම් දරන ශ්‍රීලනිප කණ්ඩායමක් එම තීරණය ගෙන ඇති බව වාර්තා විය. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් සහ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්. 
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව ප්‍රබල විපක්ෂයක් ගොඩනැගීම පිළිබදවද ඔවුන් සාකච්ජා කර තිබේ. 
 
ශ්‍රීලනිප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ඇමතිධූර සංඛ්‍යාවද අඩු කළ යුතු වෙයි. ඒ අනුව ඉදිරියේදී සුළුතර ආණ්ඩුවක් පිහිටුවීම හෝ බහුතරය සහිත ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ තීරණය එක්සත් ජාතික පක්ෂයට ගැනීමට සිදුවෙයි.  
 
මේ අතර හෙට දිනයේදී ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිතය.
 
ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top