1150 x 80 px
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකම අභිබවමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය ලැබීමට සමත් විය.
පසුගිය රජය සමයේදී රටපුරා මුස්ලිම් ජාතිකයන්ට පහරදෙමින්, අඩන්තේට්ටම් කරමින් ගෙනගිය ක්‍රියාකලාපය පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඔවුන් නැවතත් ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන තිබේ.
 
ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහතා වෙත ලිපියක් යොමුකර ඇති අතර එම සංවිධානය පවසන්නේ මහනුවර, කළුතර, අගලවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක මුස්ලිම් ජාතිකයන්ට පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ගෙන් තාඩන පීඩන එල්ල වී ඇති බවයි.
 
මින් පැහැදිලි වන කරුණ වන්නේ ඔවුන් ගෙනගිය අත්තනෝමතික පාලනය ජනතාව විසින් වරක් ප්‍රතික්ෂේප කළද ඉන් ඔවුන් පාඩම් ඉගෙන ගෙන නොමැති බවයි. නැවතත් එවැනි අත්තනෝමතික පාලනයක් ප්‍රාදේශීය වශයෙන් ගෙනයෑමට රාජපක්ෂලාගේ ආධාරකරුවන් උත්සාහ ගනිමින් සිටී.
 
muslim

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top