1150 x 80 px
ශිරෝමාලා ප්‍රථම ආදිවාසී මහජන නියෝජිතවරිය වෙයි

මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකාවක් ලෙස තරඟ වැදුණු ආදිවාසී අපේක්ෂිකාවක වන ඩබ්.එම්. ශිරෝමාලා මහත්මිය ජයග්‍රහණය කර තිබේ.

ආදිවාසී කාන්තාවක් මහජන නියෝජිතවරියක් ලෙස පත් වූ පළමු අවස්ථාව මෙය වේ.

ඇය මැතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය හේනානිගල උතුර සහ දකුණ බහු ආසනය වෙනුවෙනි. ජයග්‍රණය වෙනුවෙන් ශිරෝමාලා ලබාගත් ඡන්ද ප්‍රමාණය 1369කි.

අ.පො.ස. (සා.පෙළ) දක්වා ඉගෙනුම ලබා ඇති තිදරු මවක් වන ඇය ජයග්‍රහණය සමරමින් පවසා ඇත්තේ ගමේ රටේ සංවර්ධනයට උපරිමය සහයෝගය ලබා දෙමින් ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණවලටත් ඉදිරිපත්වීම සිය බලාපොරොත්තුව බවයි.

27994598 1609671495777859 96055768 n

Web 1

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top