1150 x 80 px
ජාතික ආණ්ඩුව තමයි එජාපය නැති කළේ - එජාප පසුපෙළ මන්ත්‍රීවරු
පසුගිය වසර දෙකක කාලය තුළ ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට නොහැකි වූයේ ජාතික ආණ්ඩු සංකල්පය හේතුවෙන් බව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පවසයි. මෙම තත්ත්වය මත එජාප තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට පසුපෙළ මන්ත්‍රීවරු තීරණය කළ බවයි ඔවුන් සඳහන් කරන්නේ. මේ පිළිබඳව අද(13) පෙරවරුවේ  මන්ත්‍රීවරු 16 දෙනෙක් අගමැතිවරයා සමඟ සාකච්ජා කර තිබේ. 
එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවා රටට වැඩ කරන අතරතුර පාක්ෂිකයන්ද ශක්තිමත් කළ යුතු බව ඔවුහු පෙන්වා දෙති. වසර දෙකක් ආණ්ඩු බලය පැවතියද පාක්ෂිකයා ශක්තිමත් කිරීමට නොහැකි වීමෙන් අද ඔවුන් සිය විරෝධය දැක්වීමක් ලෙස ජන්දය භාවිතා කර නොමැති බව පැවසූ මන්ත්‍රීවරු අවධාරණය කළේ අගමැතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර එජාප ආණ්ඩුවක් ඇති කළ යුතු බවයි. 
 
අද (13) පෙරවරුවේ අගමැතිවරයා සමඟ සාකච්ජාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරු මෙම අදහස් දැක්වීය. පස්වරුවේද තවත් මන්ත්‍රීවරු කණ්ඩායමක් සමඟ සාකච්ජා පැවැත්වෙන බව සඳහන්. 
 
ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top