1150 x 80 px
ගෝටාගේ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝටාබය රාජපක්ෂට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කොට ඇති අතුරු තහනම් නියෝගය පෙබරවාරි 28 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

 

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිරිකිරීමේදී ගෝටාබය රාජපක්ෂ විසින් රජයේ මුදල් රුපියල් මිලියන 90ක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් සිදු කෙරෙණ පරීක්ෂණයට අදාලව මෙම නියෝගය නිකුත් කෙරිණි.

RN

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top