1150 x 80 px
හම්බන්තොට මාධ්‍යවේදියාට පහර දුන් පොලිස් නිළධාරියා තවමත් නිදැල්ලේ
නීතියේ පිළිසරණ සැමට එක හා සමාන වියයුතු වුවත් 2017 ඔක්තෝම්බර් මස 06 වන දින හම්බන්තොට පැවති විරෝධතාවයක් අතරතුර පහරකෑමට ලක්වූ මාධ්‍යවේදී සුසන්ත බණ්ඩාර මහතාට තවමත් යුක්තිය ඉටු වී නොමැති බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා පවසයි.
'මේ පහරදීම සම්බන්ධයෙන් අප කළ විමසීම්වලදී මුල් අවස්ථා ගණනාවකදීම කිවුවා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් නෑ කියලා. නමුත් සුසන්ත බණ්ඩාර බන්ධනාගාරයේ ඉන්නකොට පොලිස්පතිවරයාට පැමිණිලි කළා. මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු වෙලා තියෙනවා. මේ සියල්ලම තියෙද්දී පොලිසිය නිද්‍රාශීලීව කිවුවා පැමිණිල්ලක් නෑ කියල. ඒ නිසා අපි 2018 පෙබරවාරි 14 හම්බන්තොට මූලස්ථාන පොලිසියේ මේ පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමුවත් අද වනතුරු පොලිසිය එම පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත'යි හෙතෙම පවසා සිටියේය.
 
'අද (12) හම්බන්තොට අධිකරණයේදී එම විරෝධතාවය සම්න්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී මේ සම්බන්ධයෙන් කළ වීමසීමකදී ගරු විනිසුරුවරයා කියා සිටියේ තමන්හට අහන්න පුළුවන් තමන් ඉදිරියට එන නඩු සම්බන්ධයෙන් පමණක් බවත් පොලිසියට ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ නැත්නම් එය ඇසීමට නොහැකි බවයි. විනිසුරුවරයා නීතියේ ප්‍රතිපාදන ඇති බැවින් ඒ අනුව කරයුතු කරන ලෙස තමන්ට අවදාරණය කළා' නිතීඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා කියා සිටී.
 
කෙසේ නමුත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමටත් මේ සහන ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමටත්, එමෙන්ම  ඒ.එස්.පී.  දළුවත්ත  මහතාට විරුද්ධව ඉදිරියේදී පුද්ගලික නඩුවක් ගොනුකිරීමට කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.
 
දෙනෝදාහක් ඉදිරියේ ජනමාධ්‍යවේදියාට පහරදුන් පොලිසියට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවත් ජනමාධ්‍ය සුරකින බවට දිවුරමින් පැමිණි ආණ්ඩුව පොලිස් නිළධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ වෙනත් හැන්දකින් බවයි නිතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා කියා සිටියේ.
 
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
 
premanath 1
premanath 2

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top