1150 x 80 px
ඌව වෙල්ලස්ස සරසවිය වැසේ

පැපොල රෝගය පැතිරයාමේ අවදානමක් හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය අද (13) සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමෙන බව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි.

 

විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර නේවාසිකාගාරවල සිටි සිසු සිසුවියන් අතරින් දින 3ක් තුළ දී පැපොල රෝගය වැළඳුණු 27 දෙනෙකු හමු වූ බවත් බාහිර නේවාසිකාගාරවල සිටි සිසුන් 8 දෙනෙකුට ද පැපොල රෝගය වැළඳි ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

RN

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top