1150 x 80 px
සමාජ ජාල තහනමෙන් ගැටුම් පාලනය වුණා  - රංජිත් මද්දුම බණ්ඩාර

කට කතාවලට වඩා වැඩි බලපෑමක් සමාජ ජාල වෙබ් අඩවි මගින් සිදුවන හෙයින් ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමට සමාජ ජාල වෙත පනවා ඇති තහනම හැකි ඉක්මණින් ඉවත් කිරීමට හැකි වනු ඇතැයි නීතිය හා සාමය ආමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12) කොළඹදී  පැවති මාධ්‍ය හමුවකදීය. තමන් මෙම අමාත්‍යාංශය භාරගන්නා විට රටේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් පැවතියද මේ වන විට එය සමනය වී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

සමාජ ජාලවලට පනවා ඇති අතහනම ඉවත් කිරීමට ප්‍රථම ආරක්ෂක අංශ සමඟ වැඩිදුරටත් සාකච්ජා කිරීම අවශ්‍ය බවයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ. තහනමෙන් පසු පැවති ගැටුම්කාරී තත්ත්වය පාලනය වූ බවයි හෙතෙම පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් මෙම ප්‍රශ්නය පමණක් නොව තව විසඳීමට බොහෝ ප්‍රශ්න ඇති අතර ඉදිරි කාලය තුළ ඒවා සියල්ල විසඳන බවද අමාත්‍යවරයා කියා සිටියේය.  

ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top