1150 x 80 px
සෝෂල් මීඩියා තහනම සිකුරාදා වනතෙක් ක්‍රියාත්මකයි - හරීන් ප්‍රනාන්දු
ෆේස්බුක්, ට්විටර් ඇතුළු සමාජ ජාලා මාධ්‍ය වාරණය ලබන සිකුරාදා (16) දක්වා ක්‍රියාත්මක වන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ලබන සිකුරාදා වනවිට සමාජ ජාලා මාධ්‍ය භාවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කරන බවයි ඇමතිවරයා පවසන්නේ.
 
මේ අතර ෆේස්බුක් ආයතනයේ නියෝජිතයන් පිරිසක් බ්‍රහස්පතින්දා මෙරටට පැමිණීමට නියමිත අතර වත්මන් තත්වය සම්බන්ධයෙන් ඔවුන් රජයේ බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත වේ.
 
සමාජ ජාලා මාධ්‍ය හරහා ජාතිවාදී ගැටුම් අවුළුවන බව පවසමින් පසුගිය 07 වැනිදා සිට සමාජ ජාලා මාධ්‍ය භාවිතය අවහිර කර ඇති අතර කෙසේ වෙතත් බොහෝ දෙනා විවිධ ක්‍රම ඔස්සේ සමාජ ජාලා වෙත පිවිස තිබේ. රජය මේ වනවිට ෆේස්බුක් පිටු කිහිපයක් අවහිර කිරීමට කටයුතු කර ඇති අතර අන්තර්ජාලය හරහා ජාතිවාදීන් අවුළුවන වෛරී ප්‍රකාශන බෙදාහැරීමේ චෝදනාව මත පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top