1150 x 80 px
දේශපාලන සූකර කතා වලට අපි උත්තර දෙන්නේ නැහැ - පාඨලී චම්පික
උපතේ පටන්ම වංචනික දේශපාලන ක්‍රියාවලියක් ඇති පුද්ගලයන්ගේ ප්‍රකාශ වලට පිළිතුරු දීමෙන් වැළකී සිටින බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (13) ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. මහනුවර සිදුවූ ගැටුම් පසුපස අමාත්‍යවරයා සිටින බවට විපක්ෂයෙන් එල්ලවන චෝදනාව පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. 
මෙම චෝදනාව කරන කණ්ඩායම දියතලාව දී බස් රථයක අත් බෝම්බයක් පිපිරීමේ සිද්ධියේදීද එය LTTE ක්‍රියාවක් බවට ප්‍රකාශ කළද එහිද ඇත්ත නැත්ත අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් රාවණ බලකායට වාහන,අරමුදල් ආදිය දී මේ වන විට නඩු හබ වලට පැටලී සිටින අය නගන චෝදනා ගැන කලබල විය යුතු නැති බව හෙතෙම පැවසීය. මේ අතර මහසෝන් බලකාය හෝ කුමන බලකායක් පසුපස හෝ සිටින අය අනාවරණ කිරීම පොලීසියේ වගකීම බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 
 
එමෙන්ම මහනුවර ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමට සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීමට ගත් තීරණයද ඒ මොහොතේ කළ යුතු වූවක් බවද පාඨලී චම්පික රණවක අමාත්‍යයවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
 
ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top