1150 x 80 px
වඳ පෙත්ත මිත්‍යාවක් - එවන් ඖෂධයක් ලොව කොහේවත් නැහැ

පසුගිය දින වල විශේෂ කතා බහකට ලක්වූ මාතෘකාවකි වඳ පෙති. මේ සම්බන්ධයෙන් විශේෂඥ මතය අභිබවා මිත්‍යා විශ්වාස කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබූ බව පෙනෙන්නට තිබුණි. අම්පාර හෝටලයක් ඇති වූ කලහකාරී සිදුවීමෙන් පසු එම හමු වූ ආහාර කොටස රස පරීක්ෂක වාර්තාවක් දක්වා දිගුවක් විය. අවසානයේ විද්‍යාත්මක පරීක්ෂණයේ ප්‍රතිපලයක් ලෙස එහි සත්‍ය අනාවරණ විය. නමුත් අදටත් පොදුවේ පෙනෙන්නට ඇති කාරණය වන්නේ විද්‍යාත්මකව සනාථ කර ඇති දැනුමට වඩා පදනමික් තොර මිත්‍යා විශ්වාස කෙරෙහි ඇදී බැදී පවතින බවයි.

මෙම තත්ත්වය මත ඊයේ (15) දිනයේදී විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මාධ්‍ය හමුවක් පවත්වා උක්ත කාරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය. ඔවුන් සියලු දෙනාගේ මතය වූයේ සමාජය තුළ කතාබහට ලක්වන ආකාරයේ "වඳ පෙත්තක්" නැත්නම සරුබව නැති කරන ඖෂධයක් නොමැති බවයි. වෙනත් රෝගයක් සඳහා දීර්ඝ කාලීනව ඖෂධ භාවිතා කරන කාන්තාවකට එම ඖෂධ භාවිතය නිසා මඳ සරු බවක් ඇති විය හැකි නමුත් එම ඖෂධ භාවිතය නතර කළ විට නැවත සෞඛ්‍ය තත්ත්වය පෙර තිබූ ආකාරයට පත්වන බවයි.

ඖෂධ සම්බන්ධයෙන් අවධානය යොමු කරනවට වඩා තමන් ජිවත් වන පරිඅර්ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරුණි. පරිසර දුෂණය, මත්ද්‍රවය හා දුම්පානය වැනි කාරණා සරුබවට වැඩි බලපෑමක් එල්ල කරන බවයි වෛද්‍ය මතය වුයේ.
දැනට පාවිච්චිය සදහා ඇති සියළුම උපත් පාලන පෙති සහ එන්නත් ස්ත්‍රීන්ගේ පාවිච්චිය සදහා පමණක් වන අතර එයින් කෙරෙන්නේ ගැබි ගැනීමේ හැකියාව තාවකාලිකව වැලැක්වීම පමණක් බව වෛද්‍යවරුන් පෙන්වාදුන්නේය.

මෙම මාධ්‍ය හමුව සඳහා මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න,මහාචාර්ය චාන්දනී වනිගතුංග,වෛද්‍ය උපුල් දිසානායක,වෛද්‍ය කපිල ජයරත්න,වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක හා වෛද්‍ය අනුලා විජේසුන්දර යන විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් සහභාගී විය.

ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top