1150 x 80 px
අපි නැතත් රනිල් එක්ක ආණ්ඩු කරන්න බැහැ - එස්.බී

එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් පවත්වා ගෙන යාමට අවශ්‍යතාවක් ඇත්නම් ඔවුන්ට ඊට ඉඩ දීමේ යුතුකමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති බව හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ඊයේ (12) ශ්‍රීලනිප පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. කෙසේ වෙතත් ජාතික ආණ්ඩුවේ කාලය පසුගිය අගෝස්තුවෙන් අවසන් වී ඇති බවයි දිසානායක මහතා සඳහන් කළේ. ආණ්ඩුව ලෙස එක්සත් ජාතික පක්ෂය ගෙන යන ජනාතාවාදී වැඩපිළිවෙලට සහය දීමට සිය කණ්ඩායම මැදිහත් වන බවත් ඔහු කියා සිටියේය. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ ආර්ථිකය දියුණු කිරීමට හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ සංහිඳියාව ඇතිකිරීමට හැකියාවක් නොමැති බවයි හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේ.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ වසර දෙකක පරීක්ෂණය අසාර්ථක බවයි. එය ජනතාව ද ප්‍රතික්ෂේප කළ බවයි ඔහු පෙන්වා දුන්නේ. එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් කර ගෙන යාමට හැකි නම් අසාර්ථක පරීක්ෂණය නැවත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top