1150 x 80 px
ආණ්ඩුකාර තනතුරු යළි වෙනස් වෙයි

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඊයේ (12) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් පී. බී. දිසානායක මහතා අද මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී තිබේ.

 

ඔහු තවදුරටත් ඌව පළාත් වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කරනු ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු පවසයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා යළි උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී ඇත.

අද පෙරවරුවේ මෙසේ ආණ්ඩුකාරවරුන් ජනාධිපති මන්දිරයේදී දිවුරුම්දී තිබේ.

RN

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top