1150 x 80 px
නව රාජ්‍ය තාන්ත්‍රිකයන් පස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාරදෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයන් පස් දෙනෙක් පසුගිය 11 වනදා පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

මොරොක්කෝව, ඔස්ට්‍රියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පෝලන්තය, ටැන්සානියාව යන රටවල් සඳහා මෙලෙස නව තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු පත්ව සිටින අතර ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01. මොහොමඩ් මලිකි මහතා - මොරොක්කෝ තානාපති


02. බ්‍රිජිට් ඔපින්ගර්- වොල්ච්ෂෝෆර් මහත්මිය - ඔස්ට්‍රියා තානාපති 

Mrs. Brigitte Öppinger Wal

03. ෂෙයික් අහමඩ් හමාඩ් අල් මුඅල්ලා මහතා - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති

Mr. Sheikh Ahmed Hamad Al M

04. ආදම් බුරකොව්ස්කි මහතා - පෝලන්ත තානාපති

Mr. Adam Burakowski as the

05. බරාකා හරන් ලුවන්ඩා මහතා - ටැන්සානියා මහකොමසාරිස්

Mr. Baraka Haran Luvanda as

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top