1150 x 80 px
ජනතාව අතර සැබෑ සාමයක් ගොඩනැඟීම සඳහා එක්ව කටයුතු කරන්න

ජනතාව අතර සැබෑ සාමයක්, වාර්ගික සමගියක් හා සංහිඳියාවක් ගොඩනැඟීම සඳහා එක්ව කටයුතු කරන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා පවසයි.

 

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ආර්. සම්බන්දන් මහතා මේ බව කියා සිටී.

ඔහු පවසන්නේ රටක සංවර්ධනය හා අනෙකුත් ක්ෂේත්‍රවල ප්‍රගතියක් ඇති කිරිම සඳහා ස්ථීර සාමයක් හා සමගියක් පැවතීම අත්‍යාවශ්‍ය බවයි.

ජාතික ගැටළුවට ස්ථිර විසදුමක් ගෙනදීමට මංපෙත් විවර කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ඇති සියලු බාධාක අභියෝග ජයගෙන්නා නව වසරක් වේවායි ඔහු ප්‍රාර්ථනා කරයි.

ජනතාවට ආත්ම අභිමානයෙන් හා ගෞරවයකින් යුතුව ජිවත්විමේ අයිතියක් ලබාදිමට නව වසර තුළදී හැකිවේවා යැයි ද ආර්. සම්බන්ධන් මහතා වැඩිදුරටත් කියා සිටියි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top