1150 x 80 px
ජාතික ආණ්ඩුවේ අනාගතය ගැන සොයා බැලීමට ශ්‍රීලනිප කමිටුවක්

ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇත.

 

ජනාධිපතිවරයා මෙම කමිටුව පත් කර ඇත්තේ අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම කමිටුවට ශ්‍රීලනිප මහලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද ඇතුළත් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයෙන් අනතුරුව මෙම කමිටුවේ නිර්දේශ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

RN

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top