1150 x 80 px
සාමය, සංහිඳියාව, සහජීවනය වෙනුවෙන් කැපවන නව වසරකට අග්‍රාමාත්‍යවරයාගෙන් සුභ පැතුම්!

සමෘද්ධිමත් දේශයක් ගොඩනැංවීම උදෙසා සාමය, සංහිඳියාව, සහජීවනය වෙනුවෙන් කැපවී කටයුතු කරන ප්‍රීතිමත් සුභ නව වසරක් වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා වාසී සමස්ත ජනතාවට නව වසර වෙනුවෙන් සුභ පැතුම් එක් කරයි. වාර්ගික,ආගමික,පක්ෂ,පාට භේද පසෙකලා රටේ සියලුම දෙනා එක්ව සමරනු ලබන ප්‍රමුඛතම ජාතික උත්සවය සිංහල,දෙමළ අලුත් අවුරුද්ද වන බැවින් ජාතිය, ආගම, තරාතිරම කුමක් වුවත් එම සංස්කෘතික විවිධත්වය පිළිගනිමින්,අගයමින් සියලු දෙනා සමඟ සාමයෙන් ජීවත් වීමට මෙම අවස්ථාව ඇරඹුමක් කර ගත යුතු බවයි අගමැතිවරයා පවසන්නේ.

චිරාත් කාලයක සිට දේශීය ජන ජීවිතය හා එකාත්මිකව පැවත එන අලුත් අවුරුදු සිරිත් විරිත් සඳහා අර්ථවත්ව සහභාගී වෙමින් එම සංස්කෘතික උරුමය අනාගත පරපුරට දායාද කළ යුතු බව වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

සොබාදහම සහ මනුෂ්‍යයා අතර පවතින අන්‍යෝන්‍ය සබැඳියාව අර්ථවත් කරමින්,හිරු ප්‍රමුඛ සොබා දහමට කෘතවේදිත්වය පුදකරන ජාතික සමඟිය,සහෝදරත්වය ඔප් නංවන සූර්ය මංගල්‍යය නව සිතුම් පැතුම්,අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලුත් කරගන්නට ලැබෙන කදිම අවස්ථාවක් බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top