1150 x 80 px
උතුරේ සිංහල දෙමළ වැසියන් අවුරුදු උදාව ඉහලින්ම සමරයි

එළඹුණු සිංහල - දෙමළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් උතුරේ සිංහල දෙමළ සියලු වැසියෝ අද (14) උදෑසන සිට ආගමික සිද්ධස්ථාන වෙතට ගොස් නව අවුරුදු උදාව සමරනු ලැබූහ.

 

සෑම වසරකම නව අවුරුදු උදාව වෙනුවෙන් දෙමළ වැසියන් සමරන තේරු උත්සව පූජාවද අද උදෑසන වව්නියාවේ වීදි පුරා සංචාරය කරමින් සියලු වැසියන්ට ආශිර්වාද පැතීමේ ආගමික චාරිත්‍රය සිදු කරනු ලැබූහ. තවද උතුරේ සියලුම සිංහල වැසියන්ද නව අවුරුදු උදාව වෙනුවෙන් පැවති සියලු ආගමික වතාවත් හා අවුරුදු චාරිත්‍ර ඉටු කරනු ලැබූවේ නව වසරට නව බලාපොරොත්තු සමගය.

sinhala tamil new year 1

sinhala tamil new year 2

රොමේෂ් මධුෂංඛ - වන්නි

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top