1150 x 80 px
අවුරුදු උදාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන තදබදයක්

නව අවුරුදු උදාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන රථවාහන ප්‍රමාණය අධික වීමෙන් අද (14) දහවල් සිට එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.

මේ අතරතුර අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ආසන්නයේදී වාහනයක් ගැටීමෙන් අනතුරක්ද සිදුව ඇති අතර තදබදය ඇතිවීමට එය ද බලපා තිබේ.

එසේම මාතර ගොඩගම පිවිසුමේ ද මේ වනවිටත් අධික වාහන තදබයක් පවතින බවත්  සියලුම පිවිසුම් ඒ වෙනුවෙන් විවෘත කර ඇති බවද එහි නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේය.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

 

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top