1150 x 80 px
ජනපති අද ලන්ඩනයට

ලන්ඩන් නුවරදී ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිවයිනෙන් පිටව යාමට නියමිතය.

 

හෙට සිට ලබන 20 වනදා දක්වා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට එහි සාමාජික රටවල් 53ක රාජ්‍ය නායකයින් සහභාගී වනු ඇති.

මෙවර සමුළුවෙහි තේමාව වන්නේ "පොදු අනාගතයක් උදෙසා" යන්නයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 19 වනදා රාජ්‍ය නායකයින්ගේ රැස්වීමට සහභාගී වන අතර 18 වනදා පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සංසදයේ රැස්වීමේ ප්‍රධාන දේශකයා ලෙස ද එක් වීමට නියමිතය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top