1150 x 80 px
මට නැවත උත්පත්තියක් ලැබුණා - වැඩ භාරගැනීමෙන් අනතුරුව උතුරු ආණ්ඩුකාරවරයා කියයි

මෙතෙක් කළ මහජන සේවය දෙගුණ තෙගුණ කරමින් සිදු කරන බවත් තමන් නැවත ඉපදුනා සේ හැඟෙන බවත් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නැවතත් අද (17) දින වැඩ භාර ගනිමින් රෙජිනෝල්ඩ් කුරේ මහතා කියා සිටියේය.

 උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අද උදෑසන පලාලි ගුවන් හමුදා කඳවුරේදී පිළිගැනීම සඳහා යාපනයේ සාමාන්‍ය දමිළ වැසියන් විශාල පිරිසක් රැස්ව සිටි අතර එම පිළිගැනීමෙන් පසුව ඔහු උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී වැඩ භාරගත්තේය.

පසුගිය 12 වනදා රෙජිනෝල්ඩ් කුරේ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් පත් කළද පැය 24ක් ඇතුළත නැවතත් ජනාධිපතිවරයා විසින් උතුරු පළාත් ආණ්ඩුකාවරයා වශයෙන් පත් කරන ලදි.

රෙජිනෝල්ඩ් කුරේ මහතා වැඩභාර ගැනීමෙන් අනතුරව මෙසේ පැවසීය.

"අද මගේ ජීවිතේ නැවත උපන්දිනයක් ලෙස හැඟෙනවා. මගේ මහජන සේවාවන් අතරතුර නවතා දමා යන්නට සිදු වීම ගැන මගේ හිතේ වේදනාවක් තිබුණා. නමුත් දැන් මට ඒ මෙහෙවර වෙනුවෙන් නැවතත් අවස්ථාවක් ලැබිල තියනවා. මම ඉඳපු කාලේ කරපු මහජන සේවාවට වඩා දෙගුණ තෙගුණ කොට මෙහෙවරක් කිරීම මාගේ ප්‍රධාන අරමුණයි."

රොමේෂ් මධුෂංඛ - වන්නි

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top