1150 x 80 px
ජවිපෙට එජාපයේ සහය !

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට යෝජිත විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහය නොදෙන්නන් දේශද්‍රෝහීන් බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

 

විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවට පසුගිය කාලය තුළ බලයට පත් වූ සෑම කෙනෙක්ම පැවසුවද එය ඉටු නොකළ අතර මේ මොහොතේ එම පොරොන්දුව පැහැර හැරිය නොහැකි බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ. පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ඊට සම්පුර්ණ සහයෝගය ලබා දෙන අතර රටේ අනාගතය තීන්දු කරන එම සංශෝධනයට සියලු දෙනා සහයෝගය දැක්විය යුතු බව හෙතෙම සඳහන් කළේය. යහපාලනයේ ප්‍රධාන පොරොන්දුවක් වූ විධායකය අහෝසිකිරිම සඳහා යහපාලනය සමඟ සිටින කිසිවෙකුටත් එරෙහි වීමට සදාචාර අයිතියක් නොමැති බව කරුණානායක මහතා අවධාරණය කළේය.

තවදුරටත් රට තුළ වෛරය පැතිරීම වැළැක්වීමට නම් එක් පුද්ගලයෙකු වටා ගොඩනැගී ඇති එම බලය අහෝසි කර දැමිය යුතු බව පැවසු රවී කරුණානායක මහතා පෙන්වාදුන්නේ රට තුළ යම් බෙදීමක් ඇතිවුයේත් විධායකය හේතුවෙන් බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top