1150 x 80 px
රනිල් - මහරාජා එකමුතුවේ ආරම්භයද මේ !
සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු රාජා මහේන්ද්‍රන් (කිලී) මහතා හා ටෙල්ෂාන් නෙට්වර්කස් (TNL) හි හිමිකරු ශාන් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (20) ටෙල්ෂාන් නෙට්වර්කස් ආයතනයේදී සිදුව තිබේ.
මෙම  හමුව දේශපාලන එකඟතාවයක  පෙරනිමිත්තක් බවයි  වාර්තා වන්නේ. 
 
සිරස මාධ්‍ය ජාලය විසින් දිගින් දිගටම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව දැඩි ලෙස විවේචනය කරමින් සිටින අතර මාධ්‍ය කාර්ය භාර්යයට එහා යමින් එක්සත් ජාතික පක්ෂයේ  සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව පවා තීරණය කිරීමට ඔවුන් මහත් පරිශ්‍රමයක් දරනු පෙනෙන්නට ඇති කාරණයකි. 
 
මීට මාධ්‍ය ආයතනයක් ලෙස ප්‍රතික්‍රියා දක්වමින් සිටින්නේ වික්‍රමසිංහ මහතාගේ වැඩිමහල් සොහොයුරාට අයත් TNL රූපවාහිනියයි. ඒ අනුව පසුගිය 19 වැනි දින  TNL රූපවාහිනිය විසින් රාජා මහේන්ද්‍රන් (කිලී) මහතා සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රවෘත්ති වාර්තා කරණයක් මේ හමුවට ආසන්නම හේතුව වී ඇති බව පැවසේ.
 
මෙම හමුවෙන් පසු ඉදිරියේදී  අගමැතිවරයාට එරෙහි සිරසේ මාධ්‍ය භාවිතාවේ වෙනසක් සිදුවනු ඇති බව තතු දන්නෝ අනාවරණ කරයි. 
 
kili maharaja

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top