1150 x 80 px
නායකත්ව මණ්ඩලය  ව්‍යාජයක්  - රන්ජන්
පක්ෂයේ නායකත්ව මණ්ඩලය තෝරා ගත් ආකාරය පිළිබඳව සතුටු විය නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. නායකත්ව මණ්ඩලය තෝරා ගැනීම විධිමත්ව සිදු කිරීමට අගමැතිවරයා හෝ නිසි මැදිහත්වීමක් කර නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි. මේ වන විටත් විවිධ චෝදනා එල්ල වී ඇති අයට තනතුරුවලට ඉදිරිපත් වීමේ හැකියාවක් ඇත්ද යන්න පිළිබඳව තමන් ප්‍රශ්න කළ නමුත් ඊට නිසි පිළිතුරක් නොලැබුණු බව රාමනායක මහතා ප්‍රකශ කරයි. 
කෙසේ වෙතත් ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතුවලදී අගමැතිවරයා විසින් එජාප පාක්ෂිකයන්ට හා රටට යහපතක් වන තීරණ ගනු ඇතැයි තමන් තවදුරටත් විශ්වාස කරන බවද හෙතෙම කියා සිටියි. 
 
නිශාන්ත ප්‍රියදර්ශන

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top