1150 x 80 px
ජාතික ආණ්ඩුව ගැන ශ්‍රීලනිප තීරණය මැයි 8න් පසුව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ජාතික ආණ්ඩුව තුළ රැඳී සිටින්නේද නැද්ද යන්න පිළිබඳව මැයි 8 වනදායින් පසුව මධ්‍යම කාරක සභාව කැඳවා තීන්දු කිරීමට ඊයේ (24) පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබේ.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී ඊයේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.30 දක්වා පැවැත්වී ඇත.

ඒ අනුව, මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීම මැයි 8 - 15 අතර පැවැත්වීමටත් එහිදී පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සඳහා තීන්දු ගැනීමටත් තීරණය වී ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිතා කර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මැති ඇමතිවරුන් 16 දෙනා තමන්ට විපක්ෂයේ අසුන් ගැනීම සඳහා අවසර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට ද ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රීලනිප මැයි දින සැමරුම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇත.

RN

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top