1150 x 80 px
කෙහෙළියගේ ජංගම දුරකථන බිල් චෝදනා ඉදිරිපත් කෙරේ

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් මුදලින් සිය ජංගම දුරකථන බිල ලෙස රුපියල් 230,984ක මුදලක් ගෙවීම තුළින් රජයේ මුදල් දූෂිත ආකාරයට පරිහරණය කළේයැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සහ එවකට හිටපු රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන චෝදනා අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබිණි.

 

එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් ප්‍රකාශ කළ අතර නඩු විභාගය ජුලි මස 13 වනදා පැවැත්වීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කළේය.

පසුගිය රජයේ ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටිමින් 2012 මාර්තු 14 වනදා සිට 2012 අප්‍රේල් 15 වනදා කාල සීමාව තුළ සිය පෞද්ගලික ජංගම දුරකථන බිල ලෙස ගෙවිය යුතු රුපියල් 230,984ක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීමෙන් රජයේ මුදල් දූෂිත ලෙස පරිහරණය කිරීම පිළිබඳව කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට අල්ලස් කොමිසම විසින් නඩුව ගොනු කර තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top