1150 x 80 px
පේරාදෙණි සරසවියේ පුස්කොල පොත් සංරක්ෂණය නව ක්‍රමවේදයකට

විධිමත් සංරක්ෂණයක් සිදු නොවීම නිසා පුස්කොළ පොත් ඇතුළුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු කෞතුක භාණ්ඩ රැසක් විනාශ වෙමින් පැවැති බව පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය පියතිස්ස සේනානායක මහතා ප්‍රකාශ කළේය.

නමුත් යෝජිත පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය නිසා එම උරුමයන් ඉදිරි පරම්පරාව වෙනුවෙන් රැක ගැනීමේ හැකියාව ලැබෙන බව පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේදී පැවැති උත්සවයේදී මහාචාර්යවරයා පැවසීය.

විශ්වවිද්‍යාලයක් සතු විශාලතම පුස්කොල පොත් එකතුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු වන අතර එය දෙවැනි වන්නේ කෞතුකාර දෙපාර්තමේන්තුවේ පුස්කොල පොත් එකතුවට පමණි.

පේරාදෙණීය විශ්වවිද්‍යාලයේ පුස්කොල පොත් සංරක්ෂණය කිරීමේ නව ක්‍රමවේදයට අනුව සංරක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීම උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) සිදු විය.

එහිදී විශේෂ දේශනයක් පවත්වමින් අදහස් දැක්වූ මහාචාර්ය පියතිස්ස සේනානායක මහතා,

"පුස්කොල පොත් සම්බන්ධයෙන් අප උනන්දු වන්නේ මෙරට ඓතිහාසික උරුමය, සංස්කෘතිය, ආගම, කලා ශිල්ප, වෙදකම්, ගුප්ත ශාස්ත්‍ර ආදී නානාවිධ විෂයන් සදහන් වන්නේ පුස්කොල පොත් තුළයි. පේරාදෙණීය විශ්වවිද්‍යාලය පුස්කොල පොත් 5200කින් පමණ සමන්විතයි. මේ සියලු පොත් සංරක්ෂණය විය යුතුයි. දීපවංශය රචනා වී තිබෙන්නේ ක්‍රි.ව.04 වන සියවසේදීයි. ක්‍රි.ව.5 හෝ 06 වන සියවස්වලදී මහා වංශය රචනා වීම ආරම්භ වුණා. නමුත් මෙහි මුල් පිටපත් අපට හමුවෙන්නේ නැහැ. බහුල වශයෙන් අපට හමුවන්නේ මහනුවර යුගයේදී යළි පිටපත් වූ පුස්කොල පොත් පමණයි. විශාල පොත් ප්‍රමාණයක් විනාශ වෙලා. අධිරාජ්‍යවාදීන් විසින් ඔවුන්ගේ පාලන සමයේදී පුස්කොල පොත් රැසක් මහා බ්‍රිතාන්‍යයට රැගෙන ගොස් තිබෙනවා. නමුත් ඒ සියල්ල අද දක්වාම සංරක්ෂණය වී තිබෙනවා. අපට අවශ්‍යනම් මුදල් ගෙවා එහි පිටපත් ලබාගත හැකියි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතුව පළ නොවූ පුස්කොල පොත් රැසක් තිබෙනවා. හිටපු පුස්තකාලාධිපතිවරයෙකු වූ කේ.ඩි.සෝමදාන මහතා පුස්කොල පොත් රැස්කිරීම සඳහා විශාල වශයෙන් වෙහෙස වුණා. විශ්වවිද්‍යාලයට පමණක් සීමා වූ විශුද්ධි මග්ග ටීකා වැනි පුස්කොල පොත් ද තිබෙනවා. මෙවැනි පොත් විනාශයට පත් නොවී රැක ගැනීම කළ යුතුයි. පුස්කොල පොත් පරිශීලනය කළ යුතු වුවත් ඇතැම් පොත් පවතින්නේ සංරක්ෂණය වූ තත්ත්වයක නොවෙයි. ඒ නිසා විධිමත් නාමාවලියක් සකස් කොට පොත් සංරක්ෂණය කිරීම කළ යුතුයි. මේ සඳහා විධිමත් ක්‍රමවේදයක් අද සිට ක්‍රියාත්මකවීම වඩා සුදුසු බවයි මගේ හැගීම.

පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ විශ්වවිද්‍යාලයක පොත් පරිශීලනය කිරීම විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සීමිත විද්‍යාර්ථීන්ට සීමා වී තිබුණත් ඉදිරියේදී අධ්‍යයන කටයුතු සදහා කැමති අයට අවස්ථාව ලබාදීමට පියවර ගන්නා බවයි.

එසේම ඉදිරියේදී විශ්වවිද්‍යාලයේ දැනුම සමාජගත කළ හැකි නව ක්‍රමයක් යොදන බවද උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා

නදීක දයා බණ්ඩාර - මහනුවර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top