1150 x 80 px
මහින්දගෙන් ලංගමයට ලක්ෂ 1400 ක පොල්ලක් !
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සිදුකර ඇති පාඩුව අයකර දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද කොළඹ වාණිජ්‍ය මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
අද නඩුව විභාගයට ගත් අවස්ථාවේදී වගඋත්තරකාර මහින්ද රාජපක්ෂ මහතාට ලබන ජූලි 04 වැනිදා දක්වා වග උත්තර බැඳීමට අවස්ථාව ලබා දී තිබේ. 
 
ලංකා ගමනාගමනය මණ්ඩලය මෙම නඩුව ගොනු කරමින් කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සඳහා ලංගමයට අයත් බස්රථ භාවිතා කිරීම හේතුවෙන් මෙම මුල්‍යමය පාඩුව සිදුව ඇති බවයි. අදාල රුපියල් ලක්ෂ 1400 ක මුදල වගඋත්තරකාර පාර්ශ්වයෙන් අයකර දෙන ලෙස ලංගමය අධිකරණයෙන් ඉල්ලා සිටී.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top