1150 x 80 px
FCID වැඩ බැලීම CID ප්‍රධානියාට පැවරෙයි
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ (FCID) වැඩ බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පත් කර තිබේ. මෙම පත්කිරීම අද (15) දින සිට ක්‍රියාත්මකයි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතාගේ සේවය පසුගිය 14 වැනිදා  අවසන් විය.  නමුත් ඔහුට සේවා දිගුවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 
එම අනුමැතිය නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා  වෙත ලැබී ඇති අතර ඉදිරියේදී රවී විද්‍යාලංකාර මහතා කොන්ත්‍රාත් පදනම මත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නැවත නව තනතුරකට පත්  කිරීමට නියමිතය. 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top