1150 x 80 px
රජයේ විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට පත්වීම් ප්‍රදානය ඇමති මංගල අතින්
 
පසුගියදා පත්කරන ලද රජයේ විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා පත්වීම් ප්‍රදානය අද (16) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණි.
එම පත්වීම් ප්‍රදානය කරනු ලැබුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි.
 
ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වශයෙන් චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මිය, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති වශයෙන් තිලකා ජයසුන්දර මහත්මිය, සැලසිනේ ආයතනයේ සභාපති වශයෙන් උමා රාජමන්ත්‍රී මහත්මිය  ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වශයෙන් හිටපු සභාපති සිද්ධික් මොහොමඩ් ෆාරුක් මහතාද පත්වීම් ලබා ගන්නා ලදී. 
 
එම අවස්ථාවට  සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සහ මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද සහභාගී වී සිටියහ.
 
janamadya 4
 
janamadya 5
 
janamadya 1
 
janamadya 2
 
janamadya 6
 
janamadya 23
 
janamadya 7
 
janamadya 8
 
janamadya 9
 
janamadya 9
 
janamadya 11

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top