1150 x 80 px
බස් වර්ජනය අවලංගුයි, අවම ගාස්තුව 12 යි !
අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථ වර්ජනය අවලංගු කිරීමට බස් සංගම් තීරණය කර තිබේ. ඒ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමග බස් සංගම් නියෝජිතයන් පැවැත්වූ සාකච්ඡාවකින් පසුවයි.
බස් සංගම් පවසන්නේ අදාල සාකච්ඡාවේදී 12.5% ක බස් ගාස්තු වැඩි කිරීමක් සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා එකඟතාවය පළකර සිටි බැවින් වර්ජනය අත්හැරීමට තීරණය කළ බවයි.
 
මේ අතර අවම බස් ගාස්තුව වන රුපියල් 10 රුපියල් 12 දක්වා ඉහළ දැමීමට ද අදාල සාකච්ඡාවේදී එකඟ වී තිබේ. බස් සංගම් මීට පෙර ප්‍රකාශ කළේ අවම ගාස්තුව රුපියල් 15 දක්වා ඉහළ දැමිය යුතු බවයි.
 
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ බස් වර්ජනයක් ක්‍රියාත්මක වුවහොත් ඒ සඳහා මුහුණ දීමට ලංගම බස්රථ 1500 ක් ධාවනයට එක් කිරීම සඳහා සූදානම්ව තිබෙන බවයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top