1150 x 80 px
උතුරේ මැරුණෙත් අපේ මිනිස්සු !
උතුරු පළාත් සභාවේ අමාත්‍යවරියක් විසින් යෝජනා කර තිබෙන යුද්ධය අවසන් වූ මැයි 18 වැනි දින ජාතික සංහාර දිනයක් ලෙස කිරීමේ යෝජනාව පිළිබඳ අද (16)  කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මාතාගෙන් ප්‍රශ්න කළේය.  එය දෙපාර්ශවය අතර ඇති කළේ උණුසුම් තත්ත්වයකි. 
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේ උතුරේ මියගියෙත් රටේ දරුවන් බවයි. මෙහිදී මාධ්‍යවේදීන් සඳහන් කළේ  LTTE  සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් වන බවයි. ඊට පෙරළා  පිළිතුරු දුන් අමාත්‍යවරයා පෙන්වාදුන්නේ ඉතිහාසය තුළ  ජනතා විමුක්ති පෙරමුණද ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකන්නේද යන්නයි. එසේ නම් ඔවුන්ද සමරන්නේ ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයින් බවයි රාජිත සේනාරත්න මහතා කියා සිටියේ. එමෙන්ම රෝහණ විජේවීර හා ප්‍රභාකරන් විසින් සිදු කළ වෙනස පැහැදිලි කරන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් මාධ්‍යවේදීන් ගෙන් විමසීය.
 
නිශාන්ත ප්‍රියදර්ශන

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top