1150 x 80 px
අතුරුදන්වූවන්ගේ කාර්යාලය මාතරට යයි
උතුරේ සහ දකුණේ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පිහිටවූ අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ නිළධාරීන් හෙට (19) මාතරදී අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමට නියමිත වේ. හෙට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම කටයුතු සිදුවන බවයි වාර්තා වන්නේ.
අතුරුදන්වූවන් සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම සඳහා එම කාර්යාලය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර එහි පළමු පියවර පසුගිය 12 වැනිදා මන්නාරම ආශ්‍රිතව පැවැත්විණි.
 
හෙට පෙරවරු 9.30 සිට අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් හමුවීමට නියමිත අතර පෙරවරු 11.30 සිට සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් හමුවීමට නියමිත බවයි එම කාර්යාලය පවසන්නේ.
 
පසුගිය සමයේදී උතුරු නැගෙනහිර පමණක් නොව රටපුරා අතුරුදන් කිරීම්, පැහැරගෙන යාම්, නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් සියලු තොරතරු එක්රැස් කරන බවත් එම කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top