විශ්ව විද්‍යාල හා වෛද්‍ය ක්ෂේත්රයේ ගැටළුවක් වන මෙම සයිටම් ප්රශ්නය පොදු ජනතාවගේ ප්‍රශ්නයක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.තමන් හමුවට පැමිණෙන දේශපාලකයන්ගේ අදහස් අනුවම එය වැටහෙන බව සේනාරත්න මහතා සඳහන් කරයි.සයිටම් පිළිබඳ කතාකරන බොහෝ දෙනා නිදහස් අධ්‍යාපනයේ අරුත හරිහැටි නොදන්නා බවද හෙතෙම පෙන්වා දෙයි.
සයිටම් ප්රශ්නය මුල් කරගනිමින් අඛණ්ඩව පවත්වාගෙන යමින් සිටින ශිෂ්‍ය විරෝධතා සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බොහෝ ශිෂ්‍යයන්ට වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව හෝ හරිහැටි අවබෝධයක් නොමැති බවයි.
කෙසේ වෙතත් ශිෂ්‍ය විරෝධය පසුපස සිටින දේශපාලන පක්ෂ, කඩපු දෙයක් හැර හදපු දෙයක් නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.